යතුරුපැදියක් පාපැදියක ගැටී දැරියක් ජීවිතක්ෂයට

කටුපොත, කිරිමැටියාව – මුවන්හෙල මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු 12ක පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මුවන්හෙල දෙස සිට කිරිමැටියාව දෙසට ධාවනය වූ යතුරුපැදියක් දැරියන් දෙදෙනෙකු ගමන්ගත් පාපැදියක ගැටෙමෙන් ඊයේ (22) දහවල් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරෙන් තුවාල ලැබූ පාපැදියේ ගමන් ගත් දැරියන් දෙදෙනා සහ යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා මුවන්හෙල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී පා පැදියේ ගමන් ගත් එක් දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ අනෙක් තිදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා කුලියාපිටිය රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

යතුරුපැදිය පැදවූ පුද්ගලයා අවුරුදු 18ට අඩු අයෙක් වීම හේතුවෙන් ඔහුට යතුරුපැදිය ලබාදුන් පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අනතුර සම්බන්ධයෙන් කටුපොත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?