යතුරුපැදියක් පාපැදියක ගැටී දැරියක් ජීවිතක්ෂයට

කටුපොත, කිරිමැටියාව – මුවන්හෙල මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු 12ක පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මුවන්හෙල දෙස සිට කිරිමැටියාව දෙසට ධාවනය වූ යතුරුපැදියක් දැරියන් දෙදෙනෙකු ගමන්ගත් පාපැදියක ගැටෙමෙන් ඊයේ (22) දහවල් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරෙන් තුවාල ලැබූ පාපැදියේ ගමන් ගත් දැරියන් දෙදෙනා සහ යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා මුවන්හෙල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී පා පැදියේ ගමන් ගත් එක් දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ අනෙක් තිදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා කුලියාපිටිය රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

යතුරුපැදිය පැදවූ පුද්ගලයා අවුරුදු 18ට අඩු අයෙක් වීම හේතුවෙන් ඔහුට යතුරුපැදිය ලබාදුන් පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අනතුර සම්බන්ධයෙන් කටුපොත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46