දත් දොස්තරගේ සුඛෝපභෝගී රිය බැංකුව ඇතුළේ (ඡායාරූප)

කහවත්ත නගරයේ පෞද්ගලික බැංකුවක් වෙත සුඛෝපභෝගී මෝටර් රථයක් කඩාවැදීමෙන් අද (22) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති අතර, බැංකුවට සහ මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෝටර් රථය බැංකුව අසල මාර්ගයේ නතර කිරීමට යාමේදී රථය රියදුරගේ පාලනයෙන් ගිලිහී වේගයෙන් ධාවනයව මෙම අනතුර සිදුව තිබෙනවා.

දන්ත වෛද්‍යවරයෙකුට අයත් මෝටර් රථයක මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?