කොළඹ – කුරුණෑගල මාර්ගයේ මාරක අනතුරක් – මව සහ පුතු ජීවිතක්ෂයට

කොළඹ – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ වලකුඹුර ප්‍රදේශයේ දී ටිපර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (20) රාත්‍රියේ සිදුවූ මෙම අනතිරින් මියගොස් ත්‍රිරෝද රථයේ ගමන් ගත් ඇත්තේ 42 හැවිරිදි කාන්තාවක් සහ 18 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී ත්‍රිරෝද රථයේ සිව්දෙනෙකු ගමන්කරමින් සිට ඇති අතර, ඔවුන් එකම පවුලේ මව, පියා සහ පුතුන් දෙදෙනා බවටයි අනවරණය වී ඇත්තේ.

අනතුරින් පසු තුවාල ලැබූවන් සිව්දෙනා ම පොල්ගහවෙල රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අනතුරුව බරපතළ තත්ත්වයේ පසුවූ පියා සහ අනෙක් පුත්‍රයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලවෙත මාරුකර යවා තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, අලව්ව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22