නැමීබියාව පරාජය කරමින් UAE කණ්ඩායම ජය ලබයි

පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ A කාණ්ඩය යටතේ පැවති තරගය නැමීබියාව පරාජය කිරීමට UAE කණ්ඩායම සමත්විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් UAE කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03ක් පමණක් දැවී ලකුණූ 148ක් රැස්කිරීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නැමීබියා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 141ක් පමණි.