“එළියට ඇදලා දාන්න කලින් යන්න” – මෛත්‍රීපාල සිරිසේනට ලිපියකින් දන්වයි

පාක්ෂිකයන් දහස් ගණනක් පැමිණ ඩාලි පාරේ පක්ෂ මූලස්ථානය වටලා ඉන් එළියට ඇද දමන තුරු නොසිට තනතුරුවලින් ඉවත් වන්නැයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ විධායක සභික මොන්ටේගු සරත්චන්ද්‍ර පක්ෂ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.

ඉකුත් 2015 යහපාලන ආණ්ඩුව පිහිටුවීමේ සිට මේ දක්වා රාජපක්ෂ කණ්ඩායමට ශ්‍රී ලනිපය විනාශ කිරීමට අවශ්‍ය ඉඩප්‍රස්ථාව නිර්මාණය කිරීමත් එමගින් පක්ෂය වේගයෙන් විනාශයට ඇද දැමූ බවට ත් පක්ෂ සභාපතිවරයාට චෝදනා කරමින් ඔහු මේ ලිපිය යොමු කර තිබේ.

එමෙන් ම පසුගිය 2018 වසරේ පක්ෂ ලේකම් දැනුවත් නොකොට මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත් කරමින් පක්ෂ විනය කඩා දැමූ බවත් අනතුරුව පසුගිය සැප්තැම්බර් 2 වන දා ඒකාධිපති ලෙස පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කර අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය මරා දැමුවේ පක්ෂ සභාපතිවරයා බව ත් මොන්ටේගු සරත්චන්ද්‍ර සිය ලිපියෙන් තවදුරටත් චෝදනා නගා ඇත.

චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනපතිනියට පින්සිදු වන්නට 2015 දී පක්ෂයේ සභාපති ධූරයට පත්වුව ද පසුගිය සැප්තැම්බර් 26 දා බණ්ඩාරනායක ගුණ සමරුව දෙකඩ කිරීමට පක්ෂ සභාපතිවරයා ක්‍රියා කළේ ඉතිහාසය අමතක කර බවට ද එම ලිපියෙහි සඳහන් කර තිබේ.

2015 ජනාධිපතිවරණයේදීත් 2020 මහ මැතිවරණයේදීත් පක්ෂයේ සියලු ව්‍යවස්ථාපිත සංවිධානවල තීරණ නොසලකා පක්ෂ ලේකම්වරයා සමග එක්ව හිටපු ජනපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණට පාවා දුන් බවට ද එම ලිපියෙන් චෝදනා කර ඇත.

එය මෝඩ තකතීරු තීරණයක් බව ත් ඉන් පාක්ෂිකයන් පමණක් නොව සමස්ත රට වැසියන් ද වන්දි ගෙවන බව මොන්ටේගු සරත්චන්ද්‍ර එම ලිපියෙහි තවදුරටත් සඳහන් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවදාවත් ලංකාව හදන්නත් බෑ..දුම්රිය සේවය හැදෙන්නෙත් නෑ..දුම්රිය ප්‍රමාදය නිසා ජනතාව කුපිතවෙයි?
04:30
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24
Video thumbnail
ATM Card මඟින් මුදල් ගෙන යතුරු පැදියකින් අයිස් බෙදූ කතක් බඩුත් එක්කම කොටුවෙයි
00:59
Video thumbnail
මෛත්‍රිපාල,බිමල්,ගම්මන්පිල ඇතුළු ප්‍රබලයින් රැසක් හමුවී කරපු දේ.."මෙන්න මෙයා අපිව වීඩියෝ කරනවා"
03:09


?