“එළියට ඇදලා දාන්න කලින් යන්න” – මෛත්‍රීපාල සිරිසේනට ලිපියකින් දන්වයි

පාක්ෂිකයන් දහස් ගණනක් පැමිණ ඩාලි පාරේ පක්ෂ මූලස්ථානය වටලා ඉන් එළියට ඇද දමන තුරු නොසිට තනතුරුවලින් ඉවත් වන්නැයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ විධායක සභික මොන්ටේගු සරත්චන්ද්‍ර පක්ෂ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.

ඉකුත් 2015 යහපාලන ආණ්ඩුව පිහිටුවීමේ සිට මේ දක්වා රාජපක්ෂ කණ්ඩායමට ශ්‍රී ලනිපය විනාශ කිරීමට අවශ්‍ය ඉඩප්‍රස්ථාව නිර්මාණය කිරීමත් එමගින් පක්ෂය වේගයෙන් විනාශයට ඇද දැමූ බවට ත් පක්ෂ සභාපතිවරයාට චෝදනා කරමින් ඔහු මේ ලිපිය යොමු කර තිබේ.

එමෙන් ම පසුගිය 2018 වසරේ පක්ෂ ලේකම් දැනුවත් නොකොට මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත් කරමින් පක්ෂ විනය කඩා දැමූ බවත් අනතුරුව පසුගිය සැප්තැම්බර් 2 වන දා ඒකාධිපති ලෙස පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කර අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය මරා දැමුවේ පක්ෂ සභාපතිවරයා බව ත් මොන්ටේගු සරත්චන්ද්‍ර සිය ලිපියෙන් තවදුරටත් චෝදනා නගා ඇත.

චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනපතිනියට පින්සිදු වන්නට 2015 දී පක්ෂයේ සභාපති ධූරයට පත්වුව ද පසුගිය සැප්තැම්බර් 26 දා බණ්ඩාරනායක ගුණ සමරුව දෙකඩ කිරීමට පක්ෂ සභාපතිවරයා ක්‍රියා කළේ ඉතිහාසය අමතක කර බවට ද එම ලිපියෙහි සඳහන් කර තිබේ.

2015 ජනාධිපතිවරණයේදීත් 2020 මහ මැතිවරණයේදීත් පක්ෂයේ සියලු ව්‍යවස්ථාපිත සංවිධානවල තීරණ නොසලකා පක්ෂ ලේකම්වරයා සමග එක්ව හිටපු ජනපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණට පාවා දුන් බවට ද එම ලිපියෙන් චෝදනා කර ඇත.

එය මෝඩ තකතීරු තීරණයක් බව ත් ඉන් පාක්ෂිකයන් පමණක් නොව සමස්ත රට වැසියන් ද වන්දි ගෙවන බව මොන්ටේගු සරත්චන්ද්‍ර එම ලිපියෙහි තවදුරටත් සඳහන් කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති වාහන‍යෙන් බන්ධනාගාරයට යනවා..කොහොමද එහෙම යන්නේ ?විශේෂ වරප්‍රසාදයක්ද ?
02:23
Video thumbnail
මාස 3කට පසු වැල්ලවායට ඇදහැළුණු වැස්ස
00:42
Video thumbnail
නයි ඇරපු ඇරිල්ලට ගැරඬිත් ආවා නයාව බලන්න - දයාසිරි ආණ්ඩුවට දාපු කින්ඩිය
03:02
Video thumbnail
බේරුවල ජන රැළියට ආ නයා ගැන දිලිත් කියයි - ගැරඩියෙක් නිසා මම බේරුණා
09:22
Video thumbnail
නාමල් රිමාන්ඩ් කිරීම නිසා කළුතර ප්‍රා. සභාව දැඩි උණුසුම් - දැනුත් හොරා කනවා තමයි - දැනුත් හොරා කනවා
14:01
Video thumbnail
නාමල්ට අද කට උත්තර නෑ - වචනයක්වත් කතා කළේ නෑ
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:14
Video thumbnail
පැය 48ක වැඩ වර්ජනයකට යන්න සැරසෙන දුම්රිය වෘත්තීය සමිති - අපි අපේ බලය පෙන්නන්න සූදානම්
05:45
Video thumbnail
නගරාධිපතිතුමිය එක්ක රවුම් ගහනවා - වෙන මොකුත් දන්නේ නෑ
12:51
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:52