හෙලිකොප්ටර් අනතුරකින් වන්දනාකරුවන් 5 දෙනෙකු සහ ගුවන් නියමුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ කේදර්නාත්හි දී.කේදර්නාත් සිට ගුවන්ගත වූ මෙම යානය කඩා වැටී ඇති අතර හෙලිකොප්ටර් යානයේ නියමුවෙකු ඇතුළු හත් දෙනෙකු එහි සිට තිබෙනවා.
හෙලිකොප්ටරය ගුවන්ගත කිරීමෙන් අනතුරුව ටික වේලාවකට පසු ගිනිගෙන තිබෙනවා. ගලවා ගැනීමේ මෙහෙයුමේදී මේ වන විට සිරුරු 6ක් සොයා ගෙන ඇති අතර මෙම අනතුරට හේතුව වී ඇත්තේ අයහපත් කාලගුණය බවට සැක පළ කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1














