ආසියාවේ කඟවේනා ‘යුපුන් අබේකෝන්’ මව්බිමට (ඡායාරූප)

ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස කිරුළු පැළඳි ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූර “යුපුන් අබේකෝන් අද (18) අලුයම සිය මව්බිමට පැමිණියා.

පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලිය ක්‍රීඩා උළෙලේදී මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමෙන් පසු ඔහු මෙරටට පැමිණි පළමු අවස්ථාව මෙය වනවා.

දිවයිනට පැමිණි යුපුන් අබේකෝන් ඇතුළු කණ්ඩායම කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ විශේෂ ප්‍රභූ පර්යන්තයේ දී ඉතා හරසරින් පිළිගනු ලැබුවා.