සුදු සැරයටි දින කොඩිය ජනාධිපති ලේකම්ට පළඳවයි (ඡායාරූප)

ජාත්‍යන්තර සුදු සැරයටි දිනයට සමගාමීව ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත කොඩිය පැළඳවීම අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණා.

මේ අතර ජනාධිපති කාර්යාලයේ වියදමින්, දෘශ්‍යාබාධිත වූවන් වෙනුවෙන් ලබාදුන් සුදුසැරයටි 300ක් සංකේතාත්මකව දෘශ්‍යාබාධිත සංගමය වෙත පිරිනැමීම ද මෙහිදී සිදුවුණේ ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්.

දෘශ්‍යාබාධිත පිරිස් මුහුණදෙන ගැටලු විසඳීමට ජනාධිපති කාර්යාලය හැකි උපරිම සහයෝගය ලබාදෙන බවයි ජනාධිපති ලේකම්වරයා මෙහිදී කියා සිටියේ.

දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි මෙම සංගමය පිහිටුවා ඇති බවත් දෘශ්‍යාබාධිත කාන්තාවන්ගේ සුභසිද්ධිය උදෙසා ආබාධිත කාන්තා සංගමය එහි එක් ශාඛාවක් ලෙස ක්‍රියාත්මක වන අතර, ආබාධිත තරුණයින්ගේ ගැටලු විසඳීම සඳහා ආබාධිත තරුණ සංගමයක් ද ක්‍රියාත්මක බව මෙහිදී අදහස් දැක්වූ ජාතික දෘශ්‍යාබාධිත සංගමයේ ලේකම් ප්‍රසන්න වික්‍රමසිංහ සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලශක්ති ක්ෂේත්‍රයේ ලොකු පිපිරීමක් ?සාකච්ඡාව සාර්ථකයි..මේවා මහපොළොවේ පැළ කරන්න
05:17
Video thumbnail
"මේ කීටයෝ අයින් කරන්නේ නෑ මොන රෙද්දක් කරනවද දන්නේ නෑ"පැලවත්තේ ඩෙංගු පරික්ෂාවට ගිය නිලධාරින්
05:06
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ බිහිසුණු ගැටුම පිටුපස සැඟවුණු ඇත්ත “ හිටපු බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ
01:01:26
Video thumbnail
Van එකේ ඇවිත් බයික් එක උස්සපු හොරාට ගුටි පූජාවක් - එළියට ගනින් ඕකව..වරෙන් මෙහෙට
03:38
Video thumbnail
පුද්ගලික වගා ඉඩමකින් වනඅලි සිරුරක් හමුවෙයි - එළොව යෑමට හේතුව තවමත් අභිරහසක්
00:49
Video thumbnail
මඩුගස්තලාව කදු රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න - අක්කර 16කට වඩා අළුවෙලා
01:26
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුළේ වෙච්ච සියල්ල ජේලර් කෙනෙක් හෙළිකරයි - නීතියේ හැටියට මට මෙහෙම කරන්න බෑ
07:55
Video thumbnail
වසර 200ක පමණ කම්කරු නීති වෙනස් කරන්න කම්කරු කොමිසම සූදානම් වෙයි
14:02
Video thumbnail
බන්ධනාගාර නිලධාරින් ඉන්නේ තරහෙන් වෙන්න පුළුවන් - පිට කරන්න ඕනි අඬලා..නැතුව වෛරයකින් නෙවෙයි
03:13
Video thumbnail
බන්ධනාගාර‍යේ ධාරිතාවය රජයටවත් දරාගන්න බෑ - ධාරිතාවය අඩු කරන්න හිටපු බන්ධනාගාර කොමසාරිස්ගෙන් විසඳුම්
06:06