දුන් ණය ගැන බංග්ලාදේශය ශ්‍රී ලංකාවට මතක්කර දෙයි

2023 වසරේ මාර්තු වන විට ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු ඩොලර් මිලියන 200ක ණය මුදල ගිවිසගත් අයුරින්ම ගෙවනු ඇති බවට විශ්වාසයක් ඇති බව බංග්ලාදේශය පවසනවා.

බංග්ලාදේශ මහ බැංකු අධිපති අබ්දුර් රවුෆ් තලුක්දර්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදී ඒ පිළිබඳව සඳහන්කර ඇති බවයි වාර්තා වන්නේ.

ඇමරිකාවේ නිව්යෝර්ක් නුවටර පවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම් අතර තුර බහ බැංකු අධිපතිවරුන් අතර මෙම සාකච්ඡාව සිදුව තිබෙනවා.

“අපි මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 ක් ලබා දුන්නා. නමුත් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ඔවුන්ට නියමිත වේලාවට මුදල් ආපසු ලබා දිය නොහැකි වුණා. ලබන වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවල දී අදාළ ණය මුදල ගෙවීමට ශ්‍රී ලංකාව එකඟ වී තිබෙනවා ” යනුවෙන් බංග්ලාදේශ මහ බැංකු අධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?