අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 11කට බලපෑම් – සහන නොලැබෙන්නේ නම් 117ට දැනුම් දෙන්න

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක පුද්ගලයින් 55,000කට අධික පිරිසක් මේ වනවිට පීඩාවට පත්ව සිටිනවා.

පසුගිය දින කිහිපය තුළ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් හම්බන්තොට, ගාල්ල, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය, කළුතර, ගම්පහ, කොළඹ, පුත්තලම, රත්නපුර, කෑගල්ල සහ මහනුවර යන දිස්ත්‍රික්කවලට බලපෑම් එල්ල වුණා.

මේ අතර වර්ෂාව හේතුවෙන් කැළණි, ගිං, කළු, නිල්වලා ගඟා සහ අත්තනගලු ඔය මෙන්ම මාඔය ආශ්‍රිත ප්‍රදේශවල සිටින ජනතාවට වඩාත් අවධානයෙන් සිටින ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

එමෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක හය සඳහා නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

මේ අතර අයහපත් කාලගුණයෙන් විපතට පත්වූවන්ට කඩිනම් සහන සැලසීමට ජනපතිවරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දුන්නා.

ඒ අනුව ඒ සඳහා අවශ්‍ය සියලුම මුදල් ප්‍රතිපාදන භාණ්ඩාගාරය විසින් වෙන් කර ඇති බවත් ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ දිසාපතිවරුන්ට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇති බවත් වාර්තා වනවා.

මේ අතර රජය මඟින් ලබාදෙන සහන නොලැබෙන්නේ නම් 117 ආපදා සහන සේවා අංකය අමතන ලෙස අආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"සහනයක් කිව්වට මේ දෙන්නේ ණයක්".. මහ බැංකු අධිපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්
14:03
Video thumbnail
ආණ්ඩුව තමන්වම රවට්ටගන්නවා
02:34
Video thumbnail
බෙල්ලන හිටියා නම් රන්වලගේ වාර්තාව එළියට දානවා
12:09
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20


?