අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 11කට බලපෑම් – සහන නොලැබෙන්නේ නම් 117ට දැනුම් දෙන්න

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක පුද්ගලයින් 55,000කට අධික පිරිසක් මේ වනවිට පීඩාවට පත්ව සිටිනවා.

පසුගිය දින කිහිපය තුළ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් හම්බන්තොට, ගාල්ල, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය, කළුතර, ගම්පහ, කොළඹ, පුත්තලම, රත්නපුර, කෑගල්ල සහ මහනුවර යන දිස්ත්‍රික්කවලට බලපෑම් එල්ල වුණා.

මේ අතර වර්ෂාව හේතුවෙන් කැළණි, ගිං, කළු, නිල්වලා ගඟා සහ අත්තනගලු ඔය මෙන්ම මාඔය ආශ්‍රිත ප්‍රදේශවල සිටින ජනතාවට වඩාත් අවධානයෙන් සිටින ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

එමෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක හය සඳහා නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

මේ අතර අයහපත් කාලගුණයෙන් විපතට පත්වූවන්ට කඩිනම් සහන සැලසීමට ජනපතිවරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දුන්නා.

ඒ අනුව ඒ සඳහා අවශ්‍ය සියලුම මුදල් ප්‍රතිපාදන භාණ්ඩාගාරය විසින් වෙන් කර ඇති බවත් ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ දිසාපතිවරුන්ට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇති බවත් වාර්තා වනවා.

මේ අතර රජය මඟින් ලබාදෙන සහන නොලැබෙන්නේ නම් 117 ආපදා සහන සේවා අංකය අමතන ලෙස අආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03