අදත් පළාත් කිහිපයකට වැසි – ගංවතුර තත්ත්වයක් ගැනත් අනතුරු අඟවයි

පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (15) දිනයේත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට ද වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ද අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දුන්නේ.

මේ අතර අධික වර්ෂාවත් සමඟ ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ, අනුව කැළණි, කළු ගංඟාවල මෙන්ම අත්තනගලු ඔයේ ජල මට්ටම් මෙලෙස ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවා.

කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙළ, බියගම, කොළන්නාව, කොළඹ, වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පහත් බිම් ප්‍රදේශවලත්,කළු ගගේ ජලමට්ටම් ඉහළ යාම හේතුවෙන් පාලින්ද නුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් ප්‍රදේශවලත් සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියව පවතිනවා.

එමෙන්ම අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්වලත් සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.09
00:00
Video thumbnail
ජේලර් උපාලිගේ සමු ගැනීමෙන් මුළු ගමක් සෝසුසුම් හෙළයි - මව හැඬූ කඳුලින් මාධ්‍යයට කිව්ව දේ
06:52
Video thumbnail
සරුවට වැඩුණ ගංජා හේනක් වටලා ගංජා ගස් 55000ක් අළුකරලා දායි - සැකකරු කුදලන් යයි
01:21
Video thumbnail
සාදයේදී නාමල්, හිටපු ජනපති මෛත්‍රිපාල එක්ක බර කතාවක
00:29
Video thumbnail
නාමල්, හිටපු ජනපති මෛත්‍රිපාල එක්ක සාදයේදී බර කතාවක - සෙට් එකට හොඳටම හිනා හැබැයි
01:01
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26
Video thumbnail
අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ සියලුම ආගමික නායකයන් හමුවෙනවා - සියලු ආගම් පෝෂණය කරන්න බැදී තිබෙනවා
01:55
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි
01:32