හොර පාරෙන් මෙරටට ගෙනා ටයිල් තොගය රේගු භාරයට ඇමති විමල් කියයි

රටතුල ටයිල් නිෂ්පාදනය වැඩි කිරීමේ අරමුණින් රජය විසින් ටයිල් ගෙන්වීම ඉකුත්දා නවතා දැමුවා.එහෙත් ටයිල් නිෂ්පාදනයේදී භාවිතා කරන ඇතැම් අමුද්‍රව්‍ය ආනයනය කරන මුවාවෙන් ටයිල් ව්‍යාපරිකයෙක් සාවද්‍ය ලියකියවිලි සාදා ටයිල් තොගයක් ආනයනය කර තිබෙනවා.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා වහාම එම ටයිල් තොගය රේගුව සතු කරන්නැයි දැනුම් දී තිබෙනවා. කර්මාන්ත අමාත්‍යංශයේ දැනුම් දීමට අනුව එහි පැමිණි අදාල ආයතනයේ නියෝජිතයා අමාත්‍ය වරයාගේ දැඩි දෝෂදර්ශනයට ලක්වී තිබෙනවා.අමතාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු කඩිනමින් ගන්නා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා දැනුවත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?