ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට

කාන්තා ක්‍රිකට් ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද (13) සමත් වුණා.

ඒ, අවසන් පූර්ව තරගයේ දී තියුණු තරගයකින් පසු පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක් ලකුණකින් පරාජය කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලන්බ්ක කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 122ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 121ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මෙම තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් හිමි වුණා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ආසියානු කුසලනයක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ වසර 14කට පසුව වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
48
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?