ත්‍රිත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලීසියෙන් නිවේදනයක්

මිනුවන්ගොඩ පොලිස් වසමේ, ගමන්ගෙදර ප්‍රදේශයේ වෙඩි තබා ත්‍රිත්ව ඝාතනයක් සිදුකිරීමේ අපරාධය සඳහා අවශ්‍ය කරන ප්‍රධාන සැකකරු වන ජයගොඩගේ සංජීව දෝන සංජීව ලක්මාල් නැමති 39 හැවිරිදි පුද්ගලයා මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.

අංක 10, මහින්දාරාම පාර, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයේ පදිංචිව සිට ඇත. 833214292V යන ජාතික හැඳුනුම්පත් අංක හිමිය. එබැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට මහජන සහාය අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.

ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙසෙ පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගම්පහ – 0718591608
සහකාර පොලිස් අධිකාරී ගම්පහ – 0718591610
ස්ථානාධිපති මිනුවන්ගොඩ – 0718591612

Untitled 2