මහ බැංකු අධිපතිට එරෙහි ව පැවති පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු පිරිසකට එරෙහිව පාහියංගල ආනන්ද සාගර හිමියන් සහ රවි කුමුදේශ් මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන නොවැම්බර් 4 වැනිදා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය 10 වැනිදා නියෝග කළා

ශ්‍රී ලංකාව බංකොලොත්භාවයට පත්වී ඇති බැවින් විදේශ රටවලින් ලබාගෙන ඇති ස්වෛරීය ණය ගෙවීමේ හැකියාවක් නොමැති බවට මහ බැංකු අධිපතිවරයා පසුගිය අප්‍රේල් 4 වැනිදා කළ ප්‍රකාශය අභියෝගයට ලක්කරමින් එම පෙත්සම ගොනුකර තිබිණි.