කජීමාවත්තේ ගින්නට හේතු සෙවීමට පත්කළ කමිටුවේ වාර්තාව අගමැතිට

තොටළඟ – කජීමාවත්ත නිවාස ආශ්‍රිතව නිරන්තරයෙන් ඇතිවන ගිනිගැනීම් සම්බන්ධයෙන් සෙවීමට පත්කළ කමිටුවේ වාර්තාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත අද (11) භාරදී තිබෙනවා.

මෙම වතු නිවාස ආශ්‍රිතව අවුරුදු එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ ගිනිගැනීම් තුනක් සිදුවූ අතර පවුල් විශාල ප්‍රමාණයක් අවතැන් වුණා.

මෙම නිවාස ආශ්‍රිත පසුගියදා ඇති වූ ගිනි ගැනීම්වලට හේතුව සහ එහි පදිංචිකරුවන් පිළිබඳ සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් මෙම කමිටුව පත්කරනු ලැබුවා.

එම කමිටුවේ සභාපතිවරු ලෙස කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක කමිටුවේ සම සභාපති මේජර් ප්‍රදීප් උදුගොඩ හා කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදිප් යසරත්න කටයුතු කළා.

ඊට අතරව කොළඹ නාගරික කොමසාරිස්වරිය, රජයේ රස පරීක්ෂකවරයා, පොලිස් ස්ථානාධිපතිවරුන්, කොළඹ ප්‍රාදේශීය ලේකම්වරයා, ග්‍රාම නිලධාරීවරයා සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, නාගරික සංවර්ධන අධිකාරිය, නිවාස සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතනවල නිලධාරීන් හා අදාළ සියලු පාර්ශ්වයන් එම කමිටුවේ සාමාජිකයන් ලෙස පත්කරනු ලැබුවා.

පසුගිය සතියේ රැස් වූ මෙම කමිටුව නිවාස පේළේ අයිතිය, පරිහරණය, පදිංචිකරුවන් එහි පැමිණි ආකාරය, මේ සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ පසුගිය කාලයේ ගිනිගැනීම්වලට හේතු සම්බන්ධයෙන් විමර්ශනය සිදුකළා.

එම විමර්ශන අනුව සකස් කළ නිරීක්ෂණ හා නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාවයි මෙලෙස අග්‍රාමාත්‍යවරයාට භාර දී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00