spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කජීමාවත්තේ ගින්නට හේතු සෙවීමට පත්කළ කමිටුවේ වාර්තාව අගමැතිට

තොටළඟ – කජීමාවත්ත නිවාස ආශ්‍රිතව නිරන්තරයෙන් ඇතිවන ගිනිගැනීම් සම්බන්ධයෙන් සෙවීමට පත්කළ කමිටුවේ වාර්තාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත අද (11) භාරදී තිබෙනවා.

මෙම වතු නිවාස ආශ්‍රිතව අවුරුදු එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ ගිනිගැනීම් තුනක් සිදුවූ අතර පවුල් විශාල ප්‍රමාණයක් අවතැන් වුණා.

මෙම නිවාස ආශ්‍රිත පසුගියදා ඇති වූ ගිනි ගැනීම්වලට හේතුව සහ එහි පදිංචිකරුවන් පිළිබඳ සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් මෙම කමිටුව පත්කරනු ලැබුවා.

එම කමිටුවේ සභාපතිවරු ලෙස කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක කමිටුවේ සම සභාපති මේජර් ප්‍රදීප් උදුගොඩ හා කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදිප් යසරත්න කටයුතු කළා.

ඊට අතරව කොළඹ නාගරික කොමසාරිස්වරිය, රජයේ රස පරීක්ෂකවරයා, පොලිස් ස්ථානාධිපතිවරුන්, කොළඹ ප්‍රාදේශීය ලේකම්වරයා, ග්‍රාම නිලධාරීවරයා සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, නාගරික සංවර්ධන අධිකාරිය, නිවාස සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතනවල නිලධාරීන් හා අදාළ සියලු පාර්ශ්වයන් එම කමිටුවේ සාමාජිකයන් ලෙස පත්කරනු ලැබුවා.

පසුගිය සතියේ රැස් වූ මෙම කමිටුව නිවාස පේළේ අයිතිය, පරිහරණය, පදිංචිකරුවන් එහි පැමිණි ආකාරය, මේ සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ පසුගිය කාලයේ ගිනිගැනීම්වලට හේතු සම්බන්ධයෙන් විමර්ශනය සිදුකළා.

එම විමර්ශන අනුව සකස් කළ නිරීක්ෂණ හා නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාවයි මෙලෙස අග්‍රාමාත්‍යවරයාට භාර දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?