මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිගෙන් පූජ්‍ය පක්ෂයට ස්තූතිය

පූජනීය ස්ථානවල විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවන් විදුලිබල මණ්ඩලයට ලබාදී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළා.

සභාපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹදී අද (09) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඇතැම් පූජනීය ස්ථානවල අද (09) දිනයේදී පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා විදුලි පහන් දැල්වීමක් සිදු නොකර අඳුරේ තැබීමට තීරණය කර තිබුණා.

ආගමික ස්ථානවල විදුලි බිලට සහනයක් සැලසීමට ගත් තීරණයත් සමඟ එම විරෝධය නැවැත්වීමට කටයුතු කර තිබෙන බව සඳහන් කළ සභාපතිවරයා ඒ සම්බන්ධයෙන් පූජ්‍ය පක්ෂයට සිය ස්තූතිය පළ කරන බවයි මෙහිදී කියා සිටියේ.

ඊයේ (08) දිනයේ දී ඔහු මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් බැහැ දැක ආගමික ස්ථානවල විදුලි බිල අඩු කිරීමට අදාළ යෝජනාවන් පිළිබඳව දැනුම්වත් කළා.

ඔහු කියා සිටියේ ඒකක 180ට වැඩි පූජනීය ස්ථානවල විදුලි බිල්පත්වල අයකිරීම් අඩු කිරීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව මෙතෙක් අය කෙරූ ඒකකයක් සඳහා වන රුපියල් 65ක මුදල රුපියල් 32 දක්වා අඩු කිරීමට තීරණය කළ බව සභාපතිවරයා සඳහන් කළා.

එම අඩු කිරීම විදුලි බිල වැඩි කළ දින සිට බලපැවැත්වෙන පරිදි සිදුකරන බවත්, ඒ අනුව පූජනීය ස්ථානවලට ලැබුණු වැඩි වූ බිල්පත්වලට මෙම අඩු කිරීම ලබාදීම සිදුකරන බවද ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57
Video thumbnail
කථානායකට කියලා දෙන්න ගිය අර්චුනා හොඳම එකෙන් අහගයි
00:50
Video thumbnail
පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අය දැන් කියනවා අපි සෙංකෝලය උස්සනවලු
01:35
Video thumbnail
උසස්වීම් බලාගෙන විනිසුරුවන් ආණ්ඩුවට සපෝට් එක දෙනවා ද..?
08:30
Video thumbnail
අභීතගේ සමාජ මාධ්‍ය සංවාදය ගැන පොහොට්ටුව පිළිතුරු දෙයි - පක්ෂයේ අනුග්‍රහය මත තිබ්බ දෙයක් නෙවෙයි
02:19
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59