spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිගෙන් පූජ්‍ය පක්ෂයට ස්තූතිය

පූජනීය ස්ථානවල විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවන් විදුලිබල මණ්ඩලයට ලබාදී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළා.

සභාපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹදී අද (09) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඇතැම් පූජනීය ස්ථානවල අද (09) දිනයේදී පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා විදුලි පහන් දැල්වීමක් සිදු නොකර අඳුරේ තැබීමට තීරණය කර තිබුණා.

ආගමික ස්ථානවල විදුලි බිලට සහනයක් සැලසීමට ගත් තීරණයත් සමඟ එම විරෝධය නැවැත්වීමට කටයුතු කර තිබෙන බව සඳහන් කළ සභාපතිවරයා ඒ සම්බන්ධයෙන් පූජ්‍ය පක්ෂයට සිය ස්තූතිය පළ කරන බවයි මෙහිදී කියා සිටියේ.

ඊයේ (08) දිනයේ දී ඔහු මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් බැහැ දැක ආගමික ස්ථානවල විදුලි බිල අඩු කිරීමට අදාළ යෝජනාවන් පිළිබඳව දැනුම්වත් කළා.

ඔහු කියා සිටියේ ඒකක 180ට වැඩි පූජනීය ස්ථානවල විදුලි බිල්පත්වල අයකිරීම් අඩු කිරීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව මෙතෙක් අය කෙරූ ඒකකයක් සඳහා වන රුපියල් 65ක මුදල රුපියල් 32 දක්වා අඩු කිරීමට තීරණය කළ බව සභාපතිවරයා සඳහන් කළා.

එම අඩු කිරීම විදුලි බිල වැඩි කළ දින සිට බලපැවැත්වෙන පරිදි සිදුකරන බවත්, ඒ අනුව පූජනීය ස්ථානවලට ලැබුණු වැඩි වූ බිල්පත්වලට මෙම අඩු කිරීම ලබාදීම සිදුකරන බවද ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?