එක්සත් ජාතීන්ගේ පළමු කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලාංකිකයෙක් පත් කිරීම මෙරට ලැබූ ප්‍රගතියක් – අගමැති

යම් යම් රටවල් සිය ප්‍රතිපත්ති අනුව තමන්ගේ ජාතික ස්ථාවරයන් අනුව අභ්‍යන්තරව හා තමන්ගේ ජාත්‍යන්තර මිත්‍රත්වය අනුව ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ ඡන්දය දීමේ දී විවිධ පිළිවෙත් අනුගමනය කළත්, එසේ වූයේ ශ්‍රී ලංකාව සමඟ අමනාපයෙන් නොවන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කරනවා.

මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට එරෙහිව යන්නේ යැයි අර්ථකථනය නොකළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස්, එක්සත් ජාතීන්ගේ පළමු කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කිරීම ශ්‍රී ලංකාව ලබා තිබෙන වැදගත් ප්‍රගතියක් බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, එල්.ටී.ටී.ඊ.  සිරකරුවන් රාශියක් නිදහස් කර යැවීමේ කටයුතු විදේශ අමාත්‍යවරයා ජිනීවා මානව හිමිකම් කොමිසමට ප්‍රකාශ කර ඇති බවයි.

එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම සඳහා අවශ්‍ය නීති පාර්ලිමේන්තුවට ගෙන එන බව ද ඔහු ප්‍රකාශ කළා.

ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් තත්ත්වය පිළිබඳ හිටපු විදේශ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් ඊයේ (07) දින පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ මතයට, පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?