එක්සත් ජාතීන්ගේ පළමු කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලාංකිකයෙක් පත් කිරීම මෙරට ලැබූ ප්‍රගතියක් – අගමැති

යම් යම් රටවල් සිය ප්‍රතිපත්ති අනුව තමන්ගේ ජාතික ස්ථාවරයන් අනුව අභ්‍යන්තරව හා තමන්ගේ ජාත්‍යන්තර මිත්‍රත්වය අනුව ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ ඡන්දය දීමේ දී විවිධ පිළිවෙත් අනුගමනය කළත්, එසේ වූයේ ශ්‍රී ලංකාව සමඟ අමනාපයෙන් නොවන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කරනවා.

මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට එරෙහිව යන්නේ යැයි අර්ථකථනය නොකළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස්, එක්සත් ජාතීන්ගේ පළමු කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කිරීම ශ්‍රී ලංකාව ලබා තිබෙන වැදගත් ප්‍රගතියක් බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, එල්.ටී.ටී.ඊ.  සිරකරුවන් රාශියක් නිදහස් කර යැවීමේ කටයුතු විදේශ අමාත්‍යවරයා ජිනීවා මානව හිමිකම් කොමිසමට ප්‍රකාශ කර ඇති බවයි.

එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම සඳහා අවශ්‍ය නීති පාර්ලිමේන්තුවට ගෙන එන බව ද ඔහු ප්‍රකාශ කළා.

ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් තත්ත්වය පිළිබඳ හිටපු විදේශ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් ඊයේ (07) දින පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ මතයට, පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32