තම දරුවන් දෙදෙනාට වස පොවා මවත් වස බොයි

වයස අවුරුද්දක සහ වයස අවුරුදු තුනක දරුවන් දෙදෙනාට වස පොවා දඹුල්ල යාපාගම ප්‍රදේශයේ මවක වස පානය කොට ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.

මෙලෙස ඊයේ (15 වැනිදා) පස්වරුවේ වස පානය කොට ඇත්තේ අඹු සැමියන් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යෑම මතය. මෙම මව දරු දෙදෙනා සමග දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයට ගොස් දරුවන් දෙදෙනාට වස පොවා ඇයද වස පානය කොට ප්‍රධාන මාර්ගයක් ආසන්නයේ වැටී සිටින බවට තොරතුරක් ලැබී ඇත. ඒ අනුව ප්‍රදේශවාසීන් මෙම මව සහ දරුවන් දෙදෙනා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කොට තිබේ.

වස ශරීර ගතවීම හේතුවෙන් දරුවන් දෙදෙනාගේ තත්ත්වය බරපතළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

මෙම පවුලේ අය පොළොන්නරුව ප්‍රදේශයේ සිට දඹුල්ල, යාපාගම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචියට පැමිණ ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. පවුලේ පියා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කුලි රියැදුරෙකි.

දරුවන් දෙදෙනාට වස පොවා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී මවට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?