ගොයම් කැපීමට පැමිණි පුද්ගලයාගේ සිරුර හමු වු තැන

කිලිනොච්චිය, පුලියන්පොක්කනෙයි, නාගේන්ද්‍රපුරම් ප්‍රදේශයේ ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් ඊයේ (15) සොයාගෙන තිබෙනවා.

කිලිනොච්චිය පොලිසිය පැවසුවේ නාගේන්ද්‍රපුරම් ප්‍රදේශයේ කුඹුරු යායක ගොයම් කැපීමට පැමිණි පුද්ගලයෙකුගේ සිරුරක් මෙලෙස සොයාගෙන ඇති බවයි.

37 හැවිරිදි වියේ පසුවූ මෙම පුද්ගලයා ගොයම් කැපීමෙන් අනතුරුව දිය නෑමට ළිඳකට ගොස් ඇති ඇති අතර දිය නා යළි නොපැමිණීම හේතුවෙන් සිදුකළ සොයා බැලීමේදී ළිඳ තුල තිබී ඔහුගේ සිරුර සොයා ගැනීමට හැකිව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.