පත්තරේ මංගල දැන්වීම් පළකර කාන්තාවන් රැවටූ අනංගයාට පොලිස් හීය වදී

පුවත්පත්වල මංගල දැන්වීම් පළකර කාන්තාවන් රවටා ඔවුන්ගෙන් මුදල් වංචා කළ පුද්ගලයෙක් පානදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට පොලිසිය හැකිව තිබෙනවා.

මෙම පුද්ගලයා ව්‍යාපාරිකයකු සහ විශ්වවිද්‍යාල ආචාර්වරයකු ලෙස පෙනී සිටිමීන් පුවත්පත්වල මංගල දැන්වීම් පළකර කාන්තාවන් සමඟ සබඳතා ගොඩනගාගෙන එම කාන්තාවන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් වංචා කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ගම්පහ, උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි මෙම පුද්ගලයා ව්‍යාජ නමකින් පෙනී සිටිමින් මෙලෙස කාන්තාවන් රවටා ඇති අතර, මුල්ලේරියාව, ගොතටුව, ගම්පහ, මිනුවන්ගොඩ,මොරටුව ප්‍රදේශවල සහ විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන් මෙලෙස මුදල් වංචා කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම කාන්තාවන් අතර පාසල් ගුරුවරියන් වැඩි සංඛ්‍යාවක් සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම සැකකරු කාන්තාවන් රවටා ලබාගන්නා මුදල්වලින් පානදුර ප්‍රදේශයේ කුලී නිවසක සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇති බව සඳහන්.

ඊට අමතරව ඔහු විසින් රැවටීමට ලක්කළ කාන්තවන්ගේ ජාතික හැඳුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර යොදාගෙන දුරකථන සම්බන්ධතා රැසක් ලබාගෙන ඇති බවට ද කරුණු අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනාගේ ඇඳුම ගැන කිව්ව දේට අර්චුනාට යකා නගියි - මේක දෙමළ මිනිස්සු අදින එකක්
00:55
Video thumbnail
තනිවම අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ - හිනාවෙලා පැත්තකට වෙලා ඉන්න විදිය
01:36
Video thumbnail
භෞත චිකිත්සකවරිය ඝා#නයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට - දරුවත් අරගෙන ගැම්මට යන හැටි
03:19
Video thumbnail
ගතවූ පැය 24 තුළ නව ඩෙංගු රෝගීන් 1300ක් - ඩෙංගු රෝගීන් 65034 දක්වා ඉහළ යයි
02:41
Video thumbnail
අර්චුනාගේ අලුත් ඇඳුම නිසා පාර්ලිමේන්තුවේ අවුලක් - ග#වලා පෙන්නන්නද ඇඳුම ?
01:59
Video thumbnail
රැඳවියන්ගේ සෞඛ්‍යය බිඳවැටීම ගැන වහා අවධානය යොමු කරන්න - බන්ධනාගාර පරිශ්‍රයන් අතිශය අපිරිසිදුයි
08:58
Video thumbnail
මංගල සාදයටකට ආ හිටපු ජනපති මහින්ද - සතුටින් හිනාවෙවී ඉන්න හැටි
00:10
Video thumbnail
හිතන්නේ නැති තැන්වල මදුරුවෝ බෝවෙලා තියෙන්නේ - අපිටත් පාලනය කරගන්න බැරිවෙයි
03:20
Video thumbnail
කොළඹ සරසවියේ දේශන සතියක් ඔන්ලයින් - සිසුන් 71කට ඩෙංගු..උප කුලපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
05:33
Video thumbnail
ඩෙංගු පරික්ෂාවට ගිහින් බත්තරමුල්ල PHI සැරවෙයි - මෙන්න පේනවද අම්බානෙක මදුරුවෝ
10:05