spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පත්තරේ මංගල දැන්වීම් පළකර කාන්තාවන් රැවටූ අනංගයාට පොලිස් හීය වදී

පුවත්පත්වල මංගල දැන්වීම් පළකර කාන්තාවන් රවටා ඔවුන්ගෙන් මුදල් වංචා කළ පුද්ගලයෙක් පානදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට පොලිසිය හැකිව තිබෙනවා.

මෙම පුද්ගලයා ව්‍යාපාරිකයකු සහ විශ්වවිද්‍යාල ආචාර්වරයකු ලෙස පෙනී සිටිමීන් පුවත්පත්වල මංගල දැන්වීම් පළකර කාන්තාවන් සමඟ සබඳතා ගොඩනගාගෙන එම කාන්තාවන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් වංචා කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ගම්පහ, උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි මෙම පුද්ගලයා ව්‍යාජ නමකින් පෙනී සිටිමින් මෙලෙස කාන්තාවන් රවටා ඇති අතර, මුල්ලේරියාව, ගොතටුව, ගම්පහ, මිනුවන්ගොඩ,මොරටුව ප්‍රදේශවල සහ විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන් මෙලෙස මුදල් වංචා කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම කාන්තාවන් අතර පාසල් ගුරුවරියන් වැඩි සංඛ්‍යාවක් සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම සැකකරු කාන්තාවන් රවටා ලබාගන්නා මුදල්වලින් පානදුර ප්‍රදේශයේ කුලී නිවසක සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇති බව සඳහන්.

ඊට අමතරව ඔහු විසින් රැවටීමට ලක්කළ කාන්තවන්ගේ ජාතික හැඳුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර යොදාගෙන දුරකථන සම්බන්ධතා රැසක් ලබාගෙන ඇති බවට ද කරුණු අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?