ඉරේෂාගේ මව්පියන් පොලීසියට එරෙහිව නීතිය ඉදිරියට යෑමට සැරසෙයි

දංඕවිට ප්‍රදේශයේ දී පොලීසිය සහ කොල්ලකරුවන් අතර ඇති වූ වෙඩි හුවමාරුවක දී වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත් වූ ඉරේෂා ශ්‍යාමලීගේ දේහය ඊයේ (03) රාත්‍රියේ බෙන්තොට, හබුරුගල, වන්නිගෙවත්ත ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසට රැගෙනවිත් තිබෙනවා.

මේ අතර සිය දියණිය ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් පොලීසියට එරෙහි නීතිමය ක්‍රියාමාර්ගය ගැනීමට ඇගේ දෙමව්පියන් සූදානම් වන බව වාර්තා වනවා.

දංඕවිට නගරයේ පිහිටි මත්පැන් අලෙවිසැලක් කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන් සහ පොලීසිය අතර පසුගිය දෙවනදා වෙඩි හුවමාරුවක් සිදුවුණා.

එහිදී පොලිසිය සහ කොල්ලකරුවන් අතර ඇති වූ වෙඩි ප්‍රහාරයෙන් මගී බස් රථයක ගමන් කරමින් සිටි 29 හැවිරිදි මෙම තරුණිය අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණා.

මේ අතර සිද්ධියට සම්බන්ධ කොල්ලකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වුණේ වෙඩි වැදී රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

අනතුරුව පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රථිකාර ලබමින් සිටි සැකකරුවන් දෙදෙනා වැලිසර මහේස්ත්‍රාත්වරයා පැමිණ පරීක්ෂාකර බැලීමෙන් පසු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?