ඉරේෂාගේ මව්පියන් පොලීසියට එරෙහිව නීතිය ඉදිරියට යෑමට සැරසෙයි

දංඕවිට ප්‍රදේශයේ දී පොලීසිය සහ කොල්ලකරුවන් අතර ඇති වූ වෙඩි හුවමාරුවක දී වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත් වූ ඉරේෂා ශ්‍යාමලීගේ දේහය ඊයේ (03) රාත්‍රියේ බෙන්තොට, හබුරුගල, වන්නිගෙවත්ත ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසට රැගෙනවිත් තිබෙනවා.

මේ අතර සිය දියණිය ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් පොලීසියට එරෙහි නීතිමය ක්‍රියාමාර්ගය ගැනීමට ඇගේ දෙමව්පියන් සූදානම් වන බව වාර්තා වනවා.

දංඕවිට නගරයේ පිහිටි මත්පැන් අලෙවිසැලක් කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන් සහ පොලීසිය අතර පසුගිය දෙවනදා වෙඩි හුවමාරුවක් සිදුවුණා.

එහිදී පොලිසිය සහ කොල්ලකරුවන් අතර ඇති වූ වෙඩි ප්‍රහාරයෙන් මගී බස් රථයක ගමන් කරමින් සිටි 29 හැවිරිදි මෙම තරුණිය අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණා.

මේ අතර සිද්ධියට සම්බන්ධ කොල්ලකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වුණේ වෙඩි වැදී රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

අනතුරුව පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රථිකාර ලබමින් සිටි සැකකරුවන් දෙදෙනා වැලිසර මහේස්ත්‍රාත්වරයා පැමිණ පරීක්ෂාකර බැලීමෙන් පසු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46