විමල්ට තවත් බාල්දියක් පෙරළෙයි

රජය ආනයන තහනමක් පනවා තිබියදී විමල් වීරවංශ මහතාගේ කර්මාන්ත අමාත්‍යාංශය මගින් ටයිල් උපාංග සහ අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා පෞද්ගලික සමාගමකට අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව එම සමාගම ටයිල් ආනයනය කර තිබේ. කර්මාන්ත අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන අංශ II) එස්.එම්. අශෝක කුමාරගේ අත්සනින් 2021 ජනවාරි 07 වැනිදා නිකුත් කරන ලද නියෝගයක් මගින් ටයිල් උපාංග සහ අමුද්‍රව්‍ය මෙරට ගෙන්වීමට අවසර ලබා දී ඇත්තේ ඇල්ට්‍රා රූෆින් ලංකා (පෞද්ගලික) සමාගම (Ultra Roofing Lanka (pvt) ltd) නමැති ආයතනයකටය.

2020 අප්‍රේල් 16 වැනිදා මුදල් අමාත්‍යාංශය නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් තහනම් කර ඇති ටයිල් උපාංග සහ අමුද්‍රව්‍ය ආනයනය සඳහා මෙලෙස අවසර ලබා දී ඇති අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් 51,408කි (රුපියල් 9767500කි). අදාළ සමාගමට මෙම භාණ්ඩ ආනයනය සඳහා අවසර ලබා දෙන ලෙස අධ්‍යක්ෂවරයා රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත.

රජයේ ප්‍රතිපත්තියට පටහැනිව කර්මාන්ත අමාත්‍යාංශය නිකුත් කර ඇති මෙම ආනයන අවසර ලබාදීම පිළිබඳව අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිටගෙන් කළ විමසීමකදී ලේකම්වරයා සඳහන් කරන ලද්දේ මෙම කටයුත්තට මැදිහත්වූ සියලුම පුද්ගලයන්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදීමට කටයුතු කරන බවයි.

‘‘මම ලේකම් ධුරයේ වැඩ බාරගත්තේ ජනවාරි තුන්වැනිදා. මේ ලියුම යවලා තියෙන්නේ ජනවාරි හත. අපි පහළ ඉන්න නිලධාරීන්ට බලතල පවරා තිබුණට මේ වගේ කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මේ පිළිබඳව ඇමැතිතුමන් දැනුවත් කළා. මේ ලිපියේ සඳහන් වෙනවා සීයට හතළිහක විතර අගය එකතු කළ බද්දක් මේ සඳහා අය කෙරෙනවා කියලා. ඒක කිසිසේත්ම පිළිගන්න පුළුවන් අගයකුත් නෙමෙයි. මේ ගැන වහාම අමාත්‍යංශ මට්ටමින් පරීක්ෂණයක් පවත්වලා වගකිවයුතු සියලු දෙනාටම එරෙහිව පියවර ගන්නවා” යැයි ලේකම් කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09