මත්පැන් බෝතලේටත් QR ක්‍රමවේදය අද සිට

වෙළෙඳපොළ තුළ ඇති නීතිවිරෝධි මත්පැන් බෝතල් හඳුනාගැනීම සඳහා හඳුන්වාදුන් යෙදවුම අද (01) දිනයේ සිට ක්‍රියාත්මක බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

“EXCISE TAX STAMP VALIDATOR” නැමැති මෙම යෙදවුම ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් දුරකථන සඳහා භාගත කර ගැනීමේ අවස්ථාව මේ වනවිටත් පාරිභෝගිකයින් වෙත සලසා දී ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේ.

අදාළ යෙදවුම හරහා ස්මාර්ට් ජංගම දුරකථනයකින් මත්පැන් බෝතලයේ ඇති ආරක්ෂක ස්ටිකරයේ QR කේතය ස්කෑන් කළ හැකි අතර, එම ක්‍රියාවලිය හරහා අදාළ මත්පැන් බෝතලයේ අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

එසේ සිදුකරනු ලබන ස්කෑන් කිරීමේ දී එය ප්‍රතික්ෂේප වුවහොත් එම අවස්ථාවේදීම යෙදවුමක් මඟින් පැමිණිලි කළහැකි අතර ක්ෂණිකව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද සුරාබදු දෙපාර්තමේන්තුව දන්වා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වන අලි ප#රදීමකින් පුද්ගලයෙක් එතනම එළොව යයි - අපිට හරි වේදනයි..අපි මේවා දාලා කොහෙද යන්නේ ?
08:19
Video thumbnail
සොනාල් දිනුෂට මහානාමෙන් ලැබුණු උපහාර
02:25
Video thumbnail
කාන්තාවන් දෙදෙනෙක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:24
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:35
Video thumbnail
මීට වැඩිය හොඳයි රනිල් ගිහින් නාමල්ගේ වේදිකාවට නැග්ගනම් - UNP නායකයා පෙනී සිටීම ගැන ලැජ්ජයි
09:29
Video thumbnail
නිමල් පෙරේරා කියන්නේ මේ ගණුදෙනුවේ ඉත්තෙක් - කළු සල්ලි සුදු කරපු එක්කෙනෙක් විතරයි
07:26
Video thumbnail
නාමල්ව තව සතියකින් එළියට දානවා - මන් කැට තියලා කියනවා
09:52
Video thumbnail
චොකා මල්ලිට කොහොමද ගිනි අවියක් දුන්නේ ආණ්ඩුවෙන් ?රට පනිනකල් බලන් හිටියේ ඇයි ?
03:55
Video thumbnail
රාජපක්ෂවරුන්ව කොටුකරන්න ආණ්ඩුව සැලසුම් හදනවා
03:13
Video thumbnail
ජනපති බේරුවලදි, රෝහල් ගැන කිව්ව ප්‍රකාශය ගැන විජිත හෙළිකරයි - කියපු දේ තේරුම් ගත්තේ නෑනේ ඔයා
05:19