spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මත්පැන් බෝතලේටත් QR ක්‍රමවේදය අද සිට

වෙළෙඳපොළ තුළ ඇති නීතිවිරෝධි මත්පැන් බෝතල් හඳුනාගැනීම සඳහා හඳුන්වාදුන් යෙදවුම අද (01) දිනයේ සිට ක්‍රියාත්මක බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

“EXCISE TAX STAMP VALIDATOR” නැමැති මෙම යෙදවුම ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් දුරකථන සඳහා භාගත කර ගැනීමේ අවස්ථාව මේ වනවිටත් පාරිභෝගිකයින් වෙත සලසා දී ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේ.

අදාළ යෙදවුම හරහා ස්මාර්ට් ජංගම දුරකථනයකින් මත්පැන් බෝතලයේ ඇති ආරක්ෂක ස්ටිකරයේ QR කේතය ස්කෑන් කළ හැකි අතර, එම ක්‍රියාවලිය හරහා අදාළ මත්පැන් බෝතලයේ අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

එසේ සිදුකරනු ලබන ස්කෑන් කිරීමේ දී එය ප්‍රතික්ෂේප වුවහොත් එම අවස්ථාවේදීම යෙදවුමක් මඟින් පැමිණිලි කළහැකි අතර ක්ෂණිකව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද සුරාබදු දෙපාර්තමේන්තුව දන්වා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
155
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?