ඇමති විමල්ට බෝම්බ ගැසීමකට සූදානමක්.. 119ට ඔත්තුවක්..

අමාත්‍ය විමල් වීරවංශ මහතාට බෝම්බ ගැසීමට සූදානම්ව ඇති බව පවසමින් 119 පොලිස් හදිසි ඇමැතුම් මධ්‍යස්ථානය වෙත ලද දුරකථන පණිවුඩය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන බව වැල්ලවත්ත පොලිසිය කියයි.

ඉකුත් 12 වැනි දින සවස තුනට පමණ 119 පොලිස් හදිසි ඇමැතුම් මධ්‍යස්ථානයෙන් වැල්ලවත්ත පොලිසිය වෙත ලද දුරකථන පණිවුඩයක් අනුව වැල්වැටිතුරෙයි, කුරුදුකැලේ පදිංචි සුදර්ශන් නමැති පුද්ගලයා විසින් එම පණිවුඩය ලබා දුන් බවට දැනුම් දී ඇත.

වැල්ලවත්ත පොලිස් වසමේ අංක 275, ජෝසප් ස්ටැන්ලි පාර, වැල්ලවත්ත ලිපිනයේ සිටින අමාත්‍ය විමල් වීරවංශ මහතාට බෝම්බයක් ගහන්න සූදානම්ව ඇති බවට සඳහන් කර එම පණිවුඩය මඟින් දැනුම්දී ඇත.

එම ලිපිනය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිස් ස්ථානය මඟින් පරීක්ෂණ පැවැත්වීමේදී වැල්ලවත්ත පොලිස් වසමේ එවැනි ලිපිනයක් නොමැති බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතාද එවැනි ප්‍රදේශයක පදිංචි නොමැති බවට වැඩිදුරටත් අනාවරණ වීමෙන් පසු 119 පොලිස් හදිසි ඇමැතුම් මධ්‍යස්ථානයට මේ බව දැනුම්දී එම තොරතුරු ලබාදුන් දුරකථන අංකය ලබා ගත් බව පොලිසිය කියයි.

එම දුරකථන අංකයට වැල්ලවත්ත පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇමැතුමක් ලබාගෙන ඒ සම්බන්ධයෙන් විමසීමේදී ඊට ප්‍රතිචාර දැක්වූ පුද්ගලයා පොලිස් නිලධාරියාට පරුෂ වචනයෙන් බැන වැදී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අනතුරුව එම දුරකථන අංකය ලියාපදිංචි වී ඇති දුරකථන සමාගමෙන් වාර්තාවක් ලබාගෙන පරීක්ෂණ පැවැත්වීමේදී සිම්පත අයිතිකරු දිවුලපතන පොලිස් වසමේ කොටගල පදිංචි පුද්ගලයකු බවට අනාවරණ වූ බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස දිවුලපතන පොලිසියෙන් කරන ලද ඉල්ලීමක් අනුව එම පුද්ගලයාගේ ජංගම දුරකථනය ජනවාරි මස 13 වැනි දින නැති වූ බවට පවසා තිබූ බව පොලිසිය කියයි.

නමුත් එම පුද්ගලයා දුරකථනය නැතිවීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර නොතිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

එම පුද්ගලයා පොලිසියට කැඳවා වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත වැල්ලවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල විජේමාන්න මහතා පරීක්ෂණ පවත්වයි.

– mawbima

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19