මල් කඩන්න ගිය අයෙකුගේ සිරුරක් බිබිල – නාගල වැවෙන් හමුවෙයි

බිබිල – නාගල වැවේ පාවෙමින් තිබිය දී පුද්ගල මළ සිරුරක් සොයා ගැනීමට පොලිසියට හැකිවී තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ පෙරේදා (23) රාත්‍රියේ වැවේ නෙළුම් මල් කැඩීමට ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ මහියංගනය ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

මෘත දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය මහියංගනය රෝහලේදී සිදුකිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් බිබිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.