වියට්නාමයේ සමාජ ශාලාවක ගින්නකින් 12ක් මරුට

වියට්නාමයේ මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලක දෙවන මහලේ රාත්‍රී සමාජ ශාලාවක හටගත් ගින්නකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබේ.ගින්නෙන් තවත් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා ඇති අතර ගින්න හටගන්නා අවස්ථාවේ එහි පුද්ගලයින් 40 දෙනෙකු පමණ සිට තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන් කිහිපදෙනෙකු සිර වී සිටින අතර ඔවුන් බේරා ගැනීම සඳහා මුදාගැනීමේ කණ්ඩායම් මෙහෙයුම් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?