මහජන පෙත්සම් කාරක සභාවේ සභාපති ධුරය යළිත් ජගත් පුෂ්පකුමාරට

නවවන පාර්ලිමේන්තුවේ තුන්වැනි සභා වාරයේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර යළි තේරී පත්ව තිබෙනවා.

එම තනතුර සඳහා ඔහුගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න විසින් යෝජනා කර ඇති අතර එය ස්ථිර කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් විසින්.

පසුගිය පළමු වනදා පාර්ලිමේන්තුවේ දී පැවති මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීමේ දී මේ තීරණ ගෙන තිබෙනවා.

ජගත් පුෂ්පකුමාර මන්ත්‍රීවරයා නවවන පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාර‍යේදී ද මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙසට කටයුතු කරනු ලැබුවා.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 (1) අනුව පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව විසින් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව සඳහා සාමාජිකයන් පත්කර ගැනීම පසුගිය දා සිදුකළා.

ඒ, අනුව ඒ අනුව, ඉම්තියාස් බාකීර් මාකාර්, පියංකර ජයරත්න, දිලිප් වෙදආරච්චි, වඩිවේල් සුරේෂ්, එස්. වියාලේන්ද්‍රන්, අශෝක ප්‍රියන්ත, අරවින්ද් කුමාර්, ගීතා සමන්මලී කුමාරසිංහ, බී. වයි. ජී. රත්නසේකර, සාරතී දුෂ්මන්ත, ගෝවින්දන් කරුණාකරම්, ජයන්ත කැටගොඩ, මොහමඩ් මුසම්මිල්, තුෂාර ඉඳුනිල් අමරසේන, වේලු කුමාර්, වරුණ ලියනගේ, යූ. කේ. සුමිත් උඩුකුඹුර, මායාදුන්න චින්තක අමල්, නිපුණ රණවක, ගාමිණී වලේබොඩ, රාජිකා වික්‍රමසිංහ සහ එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන යන මන්ත්‍රීවරුන් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සෙසු සාමාජිකයන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56