“නිදහස් පක්ෂයක් අද නෑ” – හිටපු ජනාධිපතිනිය (වීඩියෝ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් පක්ෂයක් මේ වනවිට නොමැති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසනවා.

නව ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට කොළඹ දී අද (05) එක්වෙමින් හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කළා.

මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තිබූ ප්‍රජාතන්ත්‍රවාදය මරා දමා ඇති බවයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය වැඩිදුරටත් කියා සිටියේ.

එමෙන්ම බලය වැඩිකර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස්කර ගැනීමට එහි සභාපතිවරයා මේ වනවිට කටයුතු කර ඇති බව ද හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කළා.

නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය සහ ජනතාව වෙනුවෙන් තමන් ඉදිරියේ දී කටයුතු කරන බව හිටපු ජනාධිපතිනිය එහිදී සඳහන් කර සිටියා.

https://youtu.be/508pup3L7pg


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06