‘හොරණ නීලක’ගේ සමීපතමයින් තිදෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මෙහෙය වූ මේ වනවිට ජීවිතක්ෂයට පත්ව සිටින, ඊශ්වරගේ දොන් නීලක සඳරුවන් හෙවත් ‘හොරණ නීලක’ යන අයගේ සමීපතමයින් තිදෙනකු මත්ද්‍රව්‍ය ජාවාරම් යෙදී සිටියදී පොලිස් පොලිස් විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (04) මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙනා අවුරුදු 27 හා 32 යන වයස්වල පසුවන පුද්ගලයන් බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු පුද්ගලයන්ගෙන් දෙදෙනෙකු යුධ හමුදා සේවය හැර ගොස් සිටි අය බවටයි හඳුනාගෙන ඇත්තේ.

සැකකරුවන් සන්තකයේ තිබී කේරළ ගංජා ග්‍රෑම් 718 ක් ද සොයාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?