කැනඩාවේ 10 ක් මරුට

කැනඩාවේ, මධ්‍යම සිස්කැචුවින් ප්‍රාන්තයේ සිදුවුණු පිහි ප්‍රහාර මාලාවකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 15 කි.

ජේම්ස් ස්මිත් ක්‍රී සහ වෙල්ඩන් යන පළාත් ද ඇතුළු එකිනෙකට වෙනස් ස්ථාන 13 කින් පිහි ප්‍රහාර වාර්තා වෙයි. තුවාල ලැබූවන් විවිධ රෝහල්වලට ඇතුළත් කර තිබේ.පොලිස්පතිනී රොන්ඩා බ්ලැක්මෝර් පැවැසුවේ එය උමතුවෙන් කළ පිහි ප්‍රහාර මාලාවක් බවයි ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සොහොයුරන් දෙදෙනකු යැයි ද එම මාධ්‍ය හමුවේදී පොලිස්පතිනිය වැඩි දුරටත් පැහැදිලි කළාය.සැකකරුවන් දෙදෙනා 31 හැවිරිදි ඩේමියන් සැන්ඩර්සන් සහ 30 හැවිරිදි මයිල්ස් සැන්ඩර්සන් බවත් ඔවුන් මේ වනවිට පොලිසියෙන් බේරී පලා යමින් සිටින බව ද වාර්තා වේ.