කොවිඩ් නිසා හිටිහැටියේ නගරයක් ලොක්ඩවුන් කරයි

මිලියන 16ක පමණ ජනතාවක් ජීවත්වන චීනයේ, චෙංදු (Chengdu) නගරය නැවත වරක් ලොක්ඩවුන් කිරීමට නගර බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

යළිත් වරක් කොවිඩ් ආසාදිතයින් වැඩිවීමක් සිදුව ඇති බැවින් ඔවුන් මෙම තීරණය ගෙන තිබෙනවා. මේ තත්වය හේතුවෙන් චෙංදු නගරයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිවසකින් එක් පුද්ගලයෙකුට පමණක් පිටතට යෑමට අවසර හිමිවී තිබේ.

චෙංදු නගරයෙන් කොවිඩ් ආසාදිතයින් 157 දෙනෙකු වාර්තාවී තිබෙනවා. තවත් 51ක් දෙනෙකු කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වූ බව සෞඛ්‍ය බලධාරීන් පවසා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?