7 හැවිරිදි දරුවෙකුට තියුණු ආයුධකින් බරපතල තුවාල සිදුකිරිමේ පුවතක් කන්දකැටිය ප්රදේශයෙන් වාර්තා වනවා.
ඊයේ (31) සවස 6.00 ට පමණ කන්දකැටිය , කළුගහකදුර වෙන්දේසියාය ගම්මානයේදී මෙම දරුවා තම පියාට ජංගම දුරකථන කාඩ්පතක් රැගෙන එම සඳහා රුපියල් 100 ක මුදලක් අතැතිව වෙළඳසැලකට ගිය මොහොතේ තියුණු ආයුධකින් බරපතල තුවාල සිදුකර තිබෙනවා.මෙම අපරාධය සිදු කළ සැකකරු එම ගම්මානයේම පදිංචි කරුවෙක් බවත් මේ වන විට අතුරුදන්ව ඇති බවත් පොලිසිය සඳහන් කළා.
දරුවා බදුල්ල මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර සැත්කමකට භාජනය කර ඇති බවයි රෝහල ආරංචි මාර්ග සඳහන් කළේ.මේ වන විට ඔහු දැනට දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1














