ලෝක රූ රැජිණ තරගය හෙවත් ‘ 72 වන මිස් වර්ල්ඩ්’ තරගයේ අවසන් මහා තරගය අද (31) පැවැත් වෙනවා.
මෙම තරගය අද පස්වරු 6.30ට ඉන්දියාවේ හයිද්‍රාබාද් හිදී ආරම්භ වනවා.
මෙවර ලෝක රූ රැජිණ තරගයේ දී කිරුළ දිනාගැනීම වෙනුවෙන් ලොව පුරා රූ රැජිණියන් 108 දෙනෙක් තරග වදිනවා.
මෙවර ‘මිස් වර්ල්ඩ්’ තරගය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අනුදි ගුණසේකර ද අවසන් මහා තරගයට සභාගීවීමට සූදානමින් සිටිනවා.
මාසයක් පුරා විවිධ තේමා යටතේ තරගයේ එක් එක් අදියර පැවැත් වුණු අතර, එම එක් එක් අදියරයන්වල දී දක්ෂතා දක්වන්නට තරගය වෙනුවෙන් එක්ව සිටින රූ රැජිණියන් හැකියාව ලැබුණා.
මේ අතර අද පැවැත්වෙන අවසන් මහ තරගය 2016 ලෝක රූ රැජින කිරුළ දිනාගත් ස්ටෙෆනි ඩෙල් වැලේ සහ ප්‍රවීණ ඉන්දීය නිවේදක සචින් කුම්භාර් විසින් මෙහෙයවනු ලබනවා.