72 වන මිස් වර්ල්ඩ් අවසන් මහා තරගය අද

ලෝක රූ රැජිණ තරගය හෙවත් ‘ 72 වන මිස් වර්ල්ඩ්’ තරගයේ අවසන් මහා තරගය අද (31) පැවැත් වෙනවා.

මෙම තරගය අද පස්වරු 6.30ට ඉන්දියාවේ හයිද්‍රාබාද් හිදී ආරම්භ වනවා.

මෙවර ලෝක රූ රැජිණ තරගයේ දී කිරුළ දිනාගැනීම වෙනුවෙන් ලොව පුරා රූ රැජිණියන් 108 දෙනෙක් තරග වදිනවා.

මෙවර ‘මිස් වර්ල්ඩ්’ තරගය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අනුදි ගුණසේකර ද අවසන් මහා තරගයට සභාගීවීමට සූදානමින් සිටිනවා.

මාසයක් පුරා විවිධ තේමා යටතේ තරගයේ එක් එක් අදියර පැවැත් වුණු අතර, එම එක් එක් අදියරයන්වල දී දක්ෂතා දක්වන්නට තරගය වෙනුවෙන් එක්ව සිටින රූ රැජිණියන් හැකියාව ලැබුණා.

මේ අතර අද පැවැත්වෙන අවසන් මහ තරගය 2016 ලෝක රූ රැජින කිරුළ දිනාගත් ස්ටෙෆනි ඩෙල් වැලේ සහ ප්‍රවීණ ඉන්දීය නිවේදක සචින් කුම්භාර් විසින් මෙහෙයවනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - මිනිස්සු ඔක්කොම බයවෙලා දුවගෙන එයි
00:44
Video thumbnail
"අනේ නාමල් පුතාගේ අපල ගෙවිලා, රාජපක්ෂ පවුලටම සැනසීම ලැබේවා කියලා ඕන්න වැන්දා"
00:30
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන - මොරටුව නගර සභා සේවකයෙක්ට වෙ#
01:22
Video thumbnail
කළබලයක් නෑ හැමෝටම නීතිය සාධාරණ නම් - අපි කරන්න ඕනි දේ රජයම කරලා..ස්තූතියි
05:35
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව පොහොට්ටුව මහා නාහිමිවරුන්ට කියයි
02:16
Video thumbnail
අවු:20 - 30කට මේ ආණ්ඩුව කරන්න ඇවිත් තියෙන්නේ..සටන මෙතනින් ඉවර වෙන්නේ නෑ
02:15
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
02:13
Video thumbnail
නාමල් මුදල් ගත්තනම් ඒ සාක්ෂි පෙන්නලා දඬුවම් කරන්න - අපි ආණ්ඩුවට තර්ජනය කරන්නේ
10:29
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංට අගමැතිනිය දුන් පිළිගැනීම
01:23
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනපති අනුර හමුවෙයි
01:41