72කට මරු කැඳවූ ගුවන් අනතුරට හේතුව හෙළිවෙයි

ළදරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 72 දෙනෙකුට මරු කැඳවූ නේපාලයේ ගුවන් අනතුරට හේතුව අනාවරණ වී තිබෙනවා.

නේපාල රජය විසින් පත් කරන ලද විමර්ශකයින්ගේ වාර්තාවක දැක්වෙන්නේ එහි නියමුවන් වැරදීමකින් යානයේ විදුලිය විසන්ධි කිරීමේ ප්‍රතිඵලයක් අනතුරට හේතුව විය හැකි බවයි.

Yeti Airlines ගුවන් යානය පසුගිය ජනවාරි 15 වනදා කත්මණ්ඩු අගනුවර සිට සංචාරක නගරයක් වන Pokhara වෙත පියාසර කරමින් තිබියදී අනතුරට ලක්වුණා.

එය වසර 30කට පසු නේපාලයේ සිදුවූ මාරාන්තික ගුවන් අනතුර ලෙසටයි සැලකෙන්නේ.

පුද්ගලික සමාගමක් සතු ගුවන් යානය ගුවන් තොටුපළේ සිට කිලෝමීටර් 1.5ක් (සැතපුම් 0.9ක්) දුරින් පිහිටි සෙටි ගං ඉවුරේ දී කඩා වැටුණු අතර, නේපාල සොල්දාදුවන් සිය ගණනක් සම්බන්ධ කර ගත් ගලවා ගැනීමේ මෙහෙයුමක් ද සිදු කෙරුණා.

එහි ගම්‍යතාවය හේතුවෙන්, යානය බිම වැදීමට පෙර තත්පර 49ක් දක්වා පියාසර කළ බවයි විමර්ශන මණ්ඩලයේ සාමාජිකයෙකු වන ගගනගාමී ඉංජිනේරු දීපක් ප්‍රසාද් රොයිටර් වෙත ප්‍රකාශ කළේ.

අදාළ තාක්ෂණික හා නිපුණතා පදනම් කරගත් පුහුණුවක් නොමැතිකම, අධික වැඩ බර සහ ආතතිය, සහ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිවලට අනුකූල නොවීම අනතුරට හේතු වන සාධක ලෙස ද වාර්තාව ලැයිස්තුගත කර තිබෙනවා.

යානය නිසි ලෙස නඩත්තු කර ඇති බවත්, දන්නා දෝෂයක් නොමැති බවත්, නියමු කුටියේ කාර්ය මණ්ඩලය නේපාල සිවිල් ගුවන් සේවා අධිකාරියේ නීති රීතිවලට අනුකූලව සුදුසුකම් ලබා ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන්.

එක්සත් ජනපදය, කැනඩාව, ප්‍රංශය සහ සිංගප්පූරුව යන රටවල විමර්ශකයින් විශාල පිරිසක් මෙම පරීක්ෂණයට සම්බන්ධ වී තිබුණා.

පසුගිය දශකය පුරාවට යුරෝපා සංගමය විසින් නේපාල ගුවන් සේවා සිය ගුවන් සීමාවෙන් තහනම් කර ඇත්තේ ආරක්‍ෂාව හේතුවෙන්.

නේපාලයේ ගුවන් අනතුරු අසාමාන්‍ය දෙයක් නොවන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

බොහෝ විට එහි පවතින අසීරු ධාවන පථ සහ අනතුරුදායක තත්වයන් ඇති කළ හැකි හදිසි කාලගුණ වෙනස්වීම් ඊට හේතුවයි.

පසුගිය මැයි මාසයේදී Yeti Airlines සමාගමට අයත් Tara Air Flight 197 යානය ද කඳු බෑවුමකට කඩා වැටීමෙන් මගීන් සහ කාර්ය මණ්ඩලය 22 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37