spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

60 විශ්‍රාම නීතිය නිසා හෘද සහ උරස් ශල්‍ය වෛද්‍යවරුන් හිඟවීමේ අවදානමක්

රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60න් විශ්‍රාම යැවීමට රජය ගෙන ඇති තීරණය නිසා හෘද සහ උරස් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත් උග්‍රවීමේ අවදානමක් මතුව තිබෙන බව විශේෂඥ වෛද්‍ය සංගමය පවසනවා.

රජයේ රෝහල්වල සේවය සඳහා හෘද සහ උරස් ශල්‍ය වෛද්‍යවරුන් 27 දෙනකු අවශ්‍ය වුවත් දැනට සිටින්නේ 18 දෙනකු පමණක් බවත් ඉන් එක් වෛද්‍යවරයකු විදේශගතවීමට නියමිත බවත් ඒ අනුව ඉතිරිවන්නේ වෛද්‍යවරුන් 10 දෙනකු වැනි සුළු පිරිසක් බවද ඔවුන් පවසනවා.

හෘද රෝග සැත්කම් සඳහා දැනටමත් වසර දෙකකට අධික කාලයක් පොරොත්තු ලේඛනවල රැඳී සිටීමට රෝගීන්ට සිදුවන අතර වෛද්‍ය හිඟය හේතුවෙන් ඉදිරියේ දී මෙම තත්ත්වය තවදුරටත් බරපතළ වනු ඇති බව ඔවුන් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?