58 හැවිරිදි කතකට ලිංගික අතවර කළ කළමණාකරුට වැඩ වරදී

උලපනේ උලපනාවත්ත, පල්ලේගම තේ කර්මාන්තශාලාවේ සේවිකාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ එහි කළමණාකාරවරයා ගම්පොළ ඇත්ගාල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

43 හැවිරිදි මෙම කළමනාකාරවරයා දෙදරු පියකු බව පොලිසිය පවසනවා.

අලුයම රාජකාරී සඳහා කළමනාකරු ඇගේ නිවසේ සිට වෑන් රථයකින් රාත්‍රී දෙකයි තිහට රැගෙන එමින් සිටියදී වෑන් රථය පාළු ස්ථානයක නවතා ඇයට අතවර කිරීමට උත්සාහ දරා ඇති බව ඇත්ගාල පොලිසියට කළ පැමිණිල්ලක සඳහන්ව ඇති බව වාර්තා වෙයි.

ලිංගික හිංසනට ලක්වූ 58 හැවිරිදි මෙම කාන්තාව රැය පහන් වනතුරු සිට උදෑසන මේ බව ඇත්ගාල පොලිසිය වෙත පැමිණිලි කර තිබුණි.

ඒ අනුව, මොහු අත්අඩංගුවට ගෙන ගම්පොළ වැඩ බලන මහේස්ත්‍රාත් රංජිත් ප්‍රේමරත්න මහතා වෙත ඉදිරිපත් කර තිබෙන අතර මහේස්ත්‍රාත්වරයා මොහුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කර තිබෙනවා.

නැවත විභාගය මාර්තු 11 දිනට කල් තබා තිබෙයි.

ගම්පොල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අසංක බණ්ඩාර ගුණතිලක සහකාර පොලිස් අධිකාරී ආර.එම්.හේරත් යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇත්ගාල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙණරත් කැකුලන්දර උප පොලිස් පරීක්ෂක ජයසූරිය කාන්තා උප පොලිස් පරීක්ෂක ඉන්ද්‍රාණි පොලිස් සැරයන් 22857 සරත් යන නිලධාරීහු මේ පිළිබඳව වැඩි දුරටත් පරීක්ෂණ පවත්වනු ලබනවා.

(ගම්පොළ – සුරංග රාජනායක)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රීපෝෂවලට කැමති හැමෝටම සුබ ආරංචියක්..ත්‍රීපෝෂ නිෂ්පාදනය ‍යළි අරඹයි..
02:34
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුවට හොඳම එකෙන් දෙයි..එක පාරක් සජබේ අපිට ඡන්දේ දෙන්න අපි මේ රට ගොඩ දාලා පෙන්නන්නම්..
01:53
Video thumbnail
මිල වැඩි කිරීම නිසා ජනතාවගේ රතු කට්ට පනියි..මෙයාලගේ කයිය විතරයි වැඩ බැහැ..කොච්චර සනීපද ?
02:44
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම
00:59
Video thumbnail
ඩීසල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බඩුත් එක්කම කුදලන් එයි
01:20
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම..කළමනාකරණය ගැන මං සෑහීමකට පත්වෙනවා
04:28
Video thumbnail
තෙල් මිල වැඩිවීම නිසා ධීවරයින්ට නහුතෙටම තදවෙයි..කොහෙදෝ යන යුද්දයක් මෙයාලා දාගෙන ඉන්නේ..
02:05
Video thumbnail
ඩීසල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බඩුත් එක්කම කුදලන් එයි
03:37
Video thumbnail
"තෙල් ගණන් ගිය එකට කමක් නෑ..මේකට ආණ්ඩුවට දොස් කියන්න බෑ"ඉන්ධන වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ
01:26
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීම නිසා ඛනිජ තෙල් වෘත්තීය සමිතිවල රතු කට්ට පනියි..ආණ්ඩුව සහ CPC එක වග කියන්න ඕනි
09:20