50 ට වැඩියෙන් බිත්තර වික්කොත් ඇමතුමක් දෙන්න

වැඩි මිලට බිත්තර අළෙවි කරන වෙළෙඳුන් සොයා ඊයේ (08) සිට වැටලිම් ක්‍රියාත්මක වූ බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි.

රුපියල් 50ක් වන පාලන මිලට වැඩියෙන් බිත්තර අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව වැටලීම් සිදුකර නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරියේ නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා පැවසීය.

නීතිය හමුවට පැමිණවීමෙන් පසු රුපියල් ලක්‍ෂයක දඩයකට යටත් වීමට සිදුවිය හැකි බවත්, වැටලීම් සිදුනොකරන ලෙස විවිධ පාර්ශ්වවලින් බලපෑම් එල්ල වුවත් ඒවා නොසලකා වැටලීම් සිදුකරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇති බවත් පැවසූ ඒ මහතා ව්‍යාපාරිකයන් බිත්තර හිඟයක් මවා පා බිත්තර මිල වැඩි කිරීමට උත්සාහදරන බවට පෙනී යන බවද කියා සිටියේය.

පාලන මිලට අලෙවි නොකර ඇතැම් ස්ථානවල බිත්තර තොග තබාගෙන සිටින බවට ලැබුණු තොරතුරු මත වැටලීම් කර නීතිමය පියවර ගත් බවත් තවත් එවැනි ස්ථාන තිබේනම් වැටලීම් අඛණ්ඩව සිදුකරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් බවත් පැවසූ කිරිඇල්ල මහතා අවශ්‍ය නම් කාර්යාල වේලාවන් තුළ 1977 අංකයට තොරතුරු ලබාදිය හැකි බවද පැවසීය.

බිත්තරයක් දින 14ක වඩා ගබඩාකර තබා ගත නොහැකි බවත් එම නිසා තොග සඟවා ගෙන නොසිට වෙළෙඳ පොළේ පාලන මිලට අලෙවි කිරීමට සපයන ලෙසත් ඒ මහතා තොග වෙළෙන්දන් ගෙන් ඉල්ලා සිටියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14