5 ශිෂ්‍යත්වයේ කෙළවරක් නොවූ ගැටලුව නිසා පොඩ්ඩො සේරටම නිදහස් ලකුණු

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ විභාගයට පෙර දින රාත්‍රියේ දී පිට වූ බවට සඳහන් වූ ප්‍රශ්න 03 වෙනුවෙන් සියලුම විභාග අපේක්ෂකයින් හට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමට තීරණය කර තිබෙනවා.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර මහතා ඊයේ (01) රාත්‍රියේ දී මේ බව සඳහන් කළා.

ඉකුත් සැප්තැම්බර් මස 15 වනදින පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ I ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් ප්‍රශ්න 03ක් විභාගයට පෙර පිට වී ඇති බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ නඩුවේ තීන්දුව පෙරේදා (31) ප්‍රකාශයට පත් කෙරුණා.

එම තීන්දුව ප්‍රකාරව විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ තුනක් ලබා දී තිබුණේ පිටු 68කින් යුත් නඩු වාර්තාවක් ලෙසයි.

ඒ අනුව; ”පිළිතුරු පත්‍ර සඳහා ලකුණු ලබා දීමේ දී මතභේදාත්මක ප්‍රශ්න තුන ඉවත් කර ඇගයීම් සිදු කිරීම,
අදාළ ප්‍රශ්න තුන සඳහා සියලුම විභාග අපේක්ෂකයින් හට නිදහස් ලකුණු ප්‍රදානය කිරීම හා I ප්‍රශ්න පත්‍රය සඳහා විභාගය නැවත පැවැත්වීම යනාදිය වනවා.

මෙම එක් එක් නිර්දේශ ක්‍රියාත්මක කිරීම මගින් ඇතිවිය හැකි හිතකර මෙන්ම අහිතකර බලපෑම් සම්බන්ධයෙන් වඩාත් ගැඹුරින් අධ්‍යයනය කර ලබාදිය හැකි වඩාත් සාධාරණ හා සුදුසුම විසඳුම ලෙස අංක 2හි සඳහන් පරිදි අදාළ ප්‍රශ්න තුන සඳහා සියලුම විභාග අපේක්ෂකයින් හට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණයත් සමග ඇගයීම් කටයුතු අවසන් කර කඩිනමින් ප්‍රතිඵල ලබාදීමට කටයුතු කරන බව ද
විභාග කොමසාරිස් ජනරාල්වරවරයා සිය නිවේදනයෙන් දන්වා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56