36 වැනි ජාතික යෞවන ක්රිඩා උළෙලේ සමස්ථ සම ශූරතාවය ලකුණු 130 ක් ලබාගත් ගම්පහ දිස්ත්රික්කය සහ මහනුවර දිස්ත්රික්කය විසින් දිනාගනු ලැබූ අතර, තෙවන ස්ථානය ලකුණු 106 ක් ලබාගත් ගාල්ල දිස්ත්රික්කයට හිමිවුණා.
තරුණ කටයුතු හා ක්රීඩා අමාත්යංශය, ජාතික තරුණ සේවා සභාව හා ශ්රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරනු ලැබු මෙම ක්රීඩා උළෙල ඔක්තෝම්බර් 31 දා සිට නොවැම්බර් 01 දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදී පැවැත්වුණා.
36 වැනි ජාතික යෞවන ක්රීඩා උළලේ නව පිහිනුම් තරග වාර්තා 21 ක සහ නව තරඟ වාර්තා 09 ක් පිහිට වීමට ක්රීඩක ක්රීඩිකාවන් සමත්ව තිබෙනවා.
මෙම ක්රීඩා උළෙලේ සමස්ථ සම ශූරතාව දිනාගත් දිස්ත්රික්කයන්ට ශූරතා කුසලානය සමඟින් රු 200,000 බැගින් රු. 400,000 ක් ද තෙවන ස්ථානය දිනාගත් දිස්ත්රික්කට රු. 100000 ක් ද දක්ෂතම ක්රීඩක ක්රීඩිකාවන් දෙදෙනාට ලක්ෂ 10 බැගින් ලක්ෂ 20 ක් හිමි වුණා.
36 වන ක්රීඩා උළලේ දක්ෂතම ක්රීඩිකාව ලෙසින් මීටර් 400 තරඟ ඉසව්වේ (තත්. 54.30) ක දක්ෂතාවයක් දක්වමින් නව තරඟ වාර්තාවක් බිහිකල ගම්පහ දිස්ත්රික්කයේ ඒ. ඩබ්. ජී. ජේ. ඒස්. විජේතුංග, දක්ෂතම ක්රීඩකයා ලෙසින් මීටර් 400 කඩුලු පැනීමේ තරඟ ඉසව්වේ (මී. 50.06) ක දක්ෂතාවයක් දක්වමින් නව තරඟ වාර්තාවක් බිහිකල කෑගල්ල දිස්ත්රික්කයේ ඒම්. ඩී චතුරංග විසින් දිනාගනු ලැබුවා.
මෙහි සමාප්ති සමාචාර උළෙල සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින් ජයතිස්ස හා ගරු තරුණ කටයුතු හා ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ යන අයගේ ප්රධානත්වයෙන් තරුණ කටයුතු නියෝජ්ය අමාත්ය දිනිඳු සමන් හෙන්නායක, තරුණ කටයුතු හා ක්රීඩා අමාත්යාංශයේ ලේකම් ඒස් අච්චුදන්, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්යක්ෂ ජනරාල් නීතීඥ සුපුන් විජේරත්න යන අයගේ හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.
