31 වසරකර පෙර සිදු වූ පියපුතු ඝාතනයට කාන්තාවකුත් අත්අඩංගුවට

1991වසරේ දී පියෙකු සහ පුතෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 64 හැවිරිදි කාන්තාවක් ද ඊයේ (08) දහවල් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාව සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය මස 29 වනදා අත්අඩංගුවට පත් සැකකරුගේ බිරිඳ බවයි වාර්තා වන්නේ.

මහරගම, නාවින්න ප්‍රදේශයේ සහ පානදුර, ජනප්‍රිය මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි පියෙක් සහ පුත්‍රයෙක් ඝාතනය කර තිබුණේ මීට වසර 31කට පෙරයි.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ 47 හැවිරිදි කරුණාරත්නලාගේ රාජා සහ 21 හැවිරිදි කරුණාරත්නලාගේ රංජිත් කුමාර යන පියපුතු දෙපළයි.

පානදුර, මෙන්ඩිස් මාවතේ නිවසක් තුළදී පියා ඝාතනය කර තිබූ අතර පුත්‍රයා ඝාතනය කර තිබුණේ පිළියන්දල දම්පේ, ප්‍රදේශයේදීයි.

මේ අතර දම්පේ ප්‍රදේශයේ දී ඝාතනය කළ පුත්‍රයාගේ සිරුර බොල්ගොඩ ගඟ අසල මඩ වඟුරකට දමාගොස් තිබූ බවටයි අනාවරණය වී ඇත්තේ.

ඊයේ (08) දහවල් අත්අඩංගුවට ගත් පිළියන්දල ප්‍රදේශයේ පදිංචි කාන්තාව අද (09) දිනයේ දී මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

මෙම ද්විත්ව ඝාතනයන්ට සම්බන්ධ තවත් සැකකරුවෙක් පෙරේදා (07) දිනයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

ඔහු ද ඊයේ (08) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46