spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

31 වසරකර පෙර සිදු වූ පියපුතු ඝාතනයට කාන්තාවකුත් අත්අඩංගුවට

1991වසරේ දී පියෙකු සහ පුතෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 64 හැවිරිදි කාන්තාවක් ද ඊයේ (08) දහවල් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාව සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය මස 29 වනදා අත්අඩංගුවට පත් සැකකරුගේ බිරිඳ බවයි වාර්තා වන්නේ.

මහරගම, නාවින්න ප්‍රදේශයේ සහ පානදුර, ජනප්‍රිය මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි පියෙක් සහ පුත්‍රයෙක් ඝාතනය කර තිබුණේ මීට වසර 31කට පෙරයි.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ 47 හැවිරිදි කරුණාරත්නලාගේ රාජා සහ 21 හැවිරිදි කරුණාරත්නලාගේ රංජිත් කුමාර යන පියපුතු දෙපළයි.

පානදුර, මෙන්ඩිස් මාවතේ නිවසක් තුළදී පියා ඝාතනය කර තිබූ අතර පුත්‍රයා ඝාතනය කර තිබුණේ පිළියන්දල දම්පේ, ප්‍රදේශයේදීයි.

මේ අතර දම්පේ ප්‍රදේශයේ දී ඝාතනය කළ පුත්‍රයාගේ සිරුර බොල්ගොඩ ගඟ අසල මඩ වඟුරකට දමාගොස් තිබූ බවටයි අනාවරණය වී ඇත්තේ.

ඊයේ (08) දහවල් අත්අඩංගුවට ගත් පිළියන්දල ප්‍රදේශයේ පදිංචි කාන්තාව අද (09) දිනයේ දී මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

මෙම ද්විත්ව ඝාතනයන්ට සම්බන්ධ තවත් සැකකරුවෙක් පෙරේදා (07) දිනයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

ඔහු ද ඊයේ (08) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?