21 වන ව්‍යවස්ථා සංශෝධනය හෙට කැබිනට් මණ්ඩලයට

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙට (25) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට පස්වරුවේ රැස්වන කැබිනට් මණ්ඩලයට අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.නව කැබිනට් මණ්ඩලය පත්වීමෙන් අනතුරුව පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම හෙට පැවැත්වීමට නියමිතය.

එහිදී එම 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීමට නියමිත අතර 20 වන සංශෝධනයේ ඇති විධායක බලතල එමඟින් කප්පාදු කිරීමට සැලසුම් කර තිබේ.

මේ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙක් පක්ෂ ද 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා කථානායකවරයා විසින් අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදී ඇති බව වාර්තා වෙයි.ඒ අනුව අදාළ යෝජනා ද හෙට දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මේ අතර ලබන 28 වන දින පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට තීරණය කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38