2026 LPL තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමට දෙස් විදෙස් ක්‍රීඩකයින් 421ක්

2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Player Draft) එළඹෙන ජූනි 01 වනදා පස්වරුවේ කොළඹ දී පැවැත්වෙනවා.

මෙවර ක්‍රීඩක කෙටුම්පත් කිරීම වෙනුවෙන් දේශීය ක්‍රීඩකයින් 179ක් සහ විදේශීය ක්‍රීඩකයින් 242ක් සමඟින් සමස්ථ ක්‍රීඩකයින් 421ක් ඇතුළත්ව සිටිනවා.

තෝරාගෙන ඇති සියලුම දේශීය සහ විදෙස් ක්‍රීඩකයින් ප්ලැටිනම්, ගෝල්ඩ්, ක්ලැසික්, නැගීඑන සහ ඇසෝසියේට් ස්ටාර්ස් ලෙස කාණ්ඩ කිහිපයක් යටතේ වර්ග කර තිබෙනවා.

එහිදී දේශීය ක්‍රීඩකයින්ගෙන් 17ක් ප්ලැටිනම් කාණ්ඩයට ඇතුළත්ව ඇති අතර, ගෝල්ඩ් කාණ්ඩයට ක්‍රීඩකයින් 34ක්, ක්ලැසික් කාණ්ඩයට ක්‍රීඩකයින් 80ක් සහ නැගීඑන කාණ්ඩයට ක්‍රීඩකයින් 48ක් ඇතුළත්.

ඊට අමතරව විදේශීය ක්‍රීඩකයින්ගෙන් 31ක් ප්ලැටිනම් කාණ්ඩයට ඇතුළත්ව ඇති අතර, ගෝල්ඩ් කාණ්ඩයට ක්‍රීඩකයින් 64ක් ඇතුළත්.

එමෙන්ම තවත් ක්‍රීඩකයින් 99ක් ක්ලැසික් සහ ක්‍රීඩකයින් 48ක් ඇසෝසියේට් ස්ටාර්ස් කාණ්ඩයට ඇතුළත්කර තිබෙනවා.

2026 එල්.පී.එල් තරගාවලිය එළඹෙන ජූලි මස 17 වනදා සිට අගෝස්තු මස 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36